තරුණ ජීවිත වනසන Facebook .
වත්මන් සමාජයේ නැතිවම බැරි අංගයක්
බවට ජනමාධ්‍ය පත් වී හමාරය.
තොරතුරු පිපාසයෙන්
පෙළෙන ජනයා හට
තොරතුරු ලබා දීම ජනමාධ්‍යයේ මූලික අරමුණ වේ.
සමාජ මාධ්‍යයක් වන facebook මගින්
ද මෙම කාර්යය සිදු කරනු ලබයි
.
Facebook යන්න අද සමාජයේ සෑම
පුද්ගලෙයෙකු පාහේ ම දන්නා වචනයකි
. එදා මෙදා තුර
ජනප්‍රියත්වය අභිබවා ගිය ඇබ්බැහිකමකින්
මෙය වටා
ලෝක ප්‍රජාව රැස් වෙමින් සිටී . දිනෙන් දින facebook
භාවිතා කරන
පිරිස වැඩි වෙමින් පවති. ලොකු,
කුඩා, බාල, මහලු වයස් භේදයකින්
තොරව facebook
භාවිතා කරනු ලබයි
.
Smart දුරකථයක් ඇති සෑම පුද්ගලයෙකු
ම facebook
ගිණුමක් ආරම්භ කිරීම
පුදුමයට කරුණක් නොවේ . Facebook ගිණුමක් ආරම්භයේදී ඒ
සදහා අවශ්‍ය දත්තයන් පවතී
. නම , වයස ,ප්‍රදේශය
,පාසල , රැකියා ස්ථානය යනාදිය මෙයට නිදසුන්
වේ. මේ සදහා
නිරවද්‍ය මෙන්ම සාවද්‍ය තොරතුරු පවසන්නන්
ද සිටී .මෙම තොරතුරු සපයා facebook
ගිණුමක් ආරම්භ කරන සෑම
පුද්ගලෙයෙකුගේ ම අරමුණ ලොව පුරා මිතුරන් ඇති
කර ගැනීම පමණක් ම නොවේ
. විවිධ
මානසිකත්වයන්ගෙන් යුත් හා
විවිධ අසහනකාරී පුද්ගලයන්
තමාගේ සිතැඟි සපුරා
ගැනීමට ද facebook උපක්‍රමයක් කර ගනී .
ලොව පුරා පුද්ගලයන් facebook
භාවිතා කරනු ලබන අතර ඒ
සදහා තරුණ
ප්‍රජාවගේ වැඩි නියෝජනයක්
දක්නට ලැබේ . වර්තමාන සමාජයේ facebook ගිණුමක්
නොමැති යෞවනයන් සොයා ගැනීම කළුනික
සොයනවාටත් වඩා අමාරුය. කෙසේ
වෙතත් facebook
භාවිතය තුළින් මතුවන ප්‍රධාන ගැටලුවක් ලෙස
තරුණ ජීවිත අකාලයේ
විනාශ මුඛය දක්වා
ගමන් කිරීම පෙන්වා
දීමට පුළුවන . රටක අනාගතය භාර ගැනීමට හා රටක්
ශක්තිමත් කිරීමට සිටින
තරුණ ප්‍රජාව facebook
රකුසාට ගොදුරුව ජීවිත
විනාශ කර ගැනීම කණගාටුවට කරුණකි .
වර්තමානයේ අසන්නට දකින්නට
ලැබෙන තොරතුරු අතර
facebook කුමාරයන් නිසා අසරණ වන තරුණියන් තම
ජීවිතය අකාලයේ
විනාශ කරගත් අවස්ථා
අපමණ ය. මතුපිටින්
ආකර්ෂණීය මුහුණුවරක් පෙන්වා සුන්දර වදන්
තෙපළා දරුවන් දෙතුන් දෙනා සිටින පියවරු තරුණියන්ගේ පහස විදීමට පෙම් බස් දොඩන වාර අනන්තය . සමාජය පිළිබඳ
ඉවක් බවක් නොමැති තරුණියන්
නුදුරු දිනකදී හමු
වූ තම facebook
කුමරයා සමග යහන්ගත
වන්නේ දහසක්
අපේක්ෂා සිත්හි
දල්වාගෙන ය
. තම අවශ්‍යතාවන් සපුරා ගත් පසු මෙම
කාමාතුරයන් පැදුරටත් නොකියා පලා
යන්නේ තරුණියන්ගේ අහස් මාලිගා කුඩුපට්ටම්
කරමිනි . මේ පිළිබඳ
තරුණියන් ට අවබෝධ
වන විට සියල්ල
සිදු වී
හමාරය . තම පතිවත අහිමිවීම හා කුසේ
දරුවෙකු පිළිසිඳ ගැනීම
යන හේතුන්
මත බොහෝ තරුණියන්
තම ජීවිතයට
සමු දෙන්නේ මිනිස් ජීවිතයක
වටිනාකම පිළිබඳ අවබෝධයක්
නොමැතිකම නිසාවෙනි
. කිසිත් සිදුනොවූ
පරිදි නැවතත් අලුත්
ගිණුමක් අරඹන මෙම
සල්ලාලයන් තම ක්‍රියාව සුපුරුදු පරිදි සිදු කරති
.
වර්තමානයේ මෙවැනි ක්‍රියා සිදුවීම
සුලභ කරුණක් වන්නේ facebook භාවිතය මාෆියාවක් වන බැවිනි
. බොහෝ
තරුණ පිරිස රැල්ලකට අනුව
facebook භාවිතා කරනු ලබයි .ලොව
පුරා මිතුරන්
හදුනා ගත්තත් ඒ
සියල්ල කෙරෙහි
විශ්වාසය තැබීම නුවණට හුරුද යන
පැනය කෙරෙහි අවධානය යොමු කළ
යුතු වේ
. Facebook යනු කුමක්දැයි වටහා
ගෙන නිසි අවබෝධයකින්
එහි භාවිතායේ වාසි
අවාසි දැන ගැනීම
වැදගත් වේ
. එමගින් නිවැරැදි ආකාරයට facebook භාවිතා
කිරීමට හැකියාව ලැබේ. අනවශ්‍ය කරදරවල නොවැටී තම ජීවිතයේ සුභ සිද්ධිය උදෙසා
කටයුතු කරමින් facebook
භාවිතා කිරීම
වැදගත් වේ. රටේ අනාගතය සුරකින
තරුණ තරුණියන් පිරිසක් සුරැකීමට මේ
මගින් හැකියාව ලැබේ
.