Wednesday, May 22, 2019


චිත්‍රපට  වර්ගීකරණය හෙවත් සිනමා ශෝනර Gener






     සිනමාව යනු විශිෂ්ට කලා කෘතියක් වශයෙන් හා හඳුන්වා දිය හැක. අපගේ දෛනික ජීවිතය යථාර්ථයක් ලෙස ගොඩනැංවීම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. සිනමා ෂෝනර යන වදන  ප්‍රංශ භාෂාවේ Gener යන පදයෙන් බිඳි ආවකි.  එහි සරල අර්ථය ප්‍රභේද වර්ගීකරණය වර්ග යන්නයි .  මහා දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල් ද  සිය කාව්‍ය ශාස්ත්‍රය තුළ  නාට්‍ය වර්ග ප්‍රවර්ග කරයි. එනම් සුඛාන්ත දුඛාන්ත වීර කාව්‍ය ලෙස.  ෂෝනර  හෙවත්  ශානරය චිත්‍රපටයට  පමණක්  ආවේණික වූවක් නොවේ.  එය චිත්‍ර කලාව තුළ ද දැකගත හැක.
        ප්‍රථමයෙන්ම චිත්‍රපටය සදහා ශෝනර හඳුන්වා දෙනු ලැබුවේ ඇමරිකාව විසිනි. ඔවුන්ගේ චිත්‍රපට  සමාගම්වල බලපෑම් හේතුවෙන්.  නිෂ්පාදනයත් සමඟ  චිත්‍රපට ෂෝනර බිහිවිය. සිනමා ෂෝනර බිහිවවීමත් සමග චිත්‍රපටය තුළ යම් පහසුවක්  පිළිවෙළක් ඇති විය. නිෂ්පාදනය  ක්‍රමානුකූලව සිදු වූ බව කිව හැක. සිනමාවේ හැඩය රංගනය තාක්ෂණය ආදිය සමාන වට්ටෝරුවකින් සංකල්පයකින් සමන්විත තේමාවකින් සිදු වූ බව කිව හැකියි.
         නිහඬ සිනමාවේ අවසානයේ කතානාද සිනමාව සමග මෙම ෂෝනර  ක්‍රමවේදය තව තවත් වර්ධනය විය. මෙහිදී සිනමාකරුවාට මෙන්ම ප්‍රේක්ෂකයාට ද පහසුවක් ඇති විය. මෙය  එක් අතකින් චිත්‍රපට නිෂ්පාදනයේ යම් ප්‍රවණතාවක් ලෙස ද හඳුනාගත හැක. එහෙත් ඇතැම් අවස්ථාවලදී යම්  චිත්‍රපටයක් නිශ්චිතවම මේ එක්  ශානරයට  අයත් යැයි පැවසීම අපහසුය. එයට හේතුව වන්නේ එක් සිනමා කෘතියක් තුළ ෂෝනර  හඳුනාගත හැක. උදාහරණයක් ලෙස ටයිටැනික් චිත්‍රපටය romentic sciencetific ද යන්න පැහැදිලිව හදුනාගත නොහැක. ඒ අනුව සිනමා ෂෝනර මෙලෙස වර්ගීකරණය කළ හැක.
·         සංගීත චිත්‍රපට  උදාහරණයක් ලෙස cowboy චිත්‍රපටය හැඳින්විය හැක.
·         අඳුරු සිනමාව
·         වීර කාව්‍ය ඇසුරෙන් නිර්මිත චිත්‍රපට
·         යුද සිනමාව
·         හාස්‍ය සිනමාව
·         පැන්ටසි හෙවත් මායා මේ චිත්‍රපට
·         horror movie හෙවත් හොල්මන් චිත්‍රපට
·         විද්‍යාත්මක චිත්‍ර
·         adventure හෙවත් වික්‍රමාන්විත චිත්‍රපට