Wednesday, May 22, 2019


චිත්‍රපට  වර්ගීකරණය හෙවත් සිනමා ශෝනර Gener






     සිනමාව යනු විශිෂ්ට කලා කෘතියක් වශයෙන් හා හඳුන්වා දිය හැක. අපගේ දෛනික ජීවිතය යථාර්ථයක් ලෙස ගොඩනැංවීම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. සිනමා ෂෝනර යන වදන  ප්‍රංශ භාෂාවේ Gener යන පදයෙන් බිඳි ආවකි.  එහි සරල අර්ථය ප්‍රභේද වර්ගීකරණය වර්ග යන්නයි .  මහා දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල් ද  සිය කාව්‍ය ශාස්ත්‍රය තුළ  නාට්‍ය වර්ග ප්‍රවර්ග කරයි. එනම් සුඛාන්ත දුඛාන්ත වීර කාව්‍ය ලෙස.  ෂෝනර  හෙවත්  ශානරය චිත්‍රපටයට  පමණක්  ආවේණික වූවක් නොවේ.  එය චිත්‍ර කලාව තුළ ද දැකගත හැක.
        ප්‍රථමයෙන්ම චිත්‍රපටය සදහා ශෝනර හඳුන්වා දෙනු ලැබුවේ ඇමරිකාව විසිනි. ඔවුන්ගේ චිත්‍රපට  සමාගම්වල බලපෑම් හේතුවෙන්.  නිෂ්පාදනයත් සමඟ  චිත්‍රපට ෂෝනර බිහිවිය. සිනමා ෂෝනර බිහිවවීමත් සමග චිත්‍රපටය තුළ යම් පහසුවක්  පිළිවෙළක් ඇති විය. නිෂ්පාදනය  ක්‍රමානුකූලව සිදු වූ බව කිව හැක. සිනමාවේ හැඩය රංගනය තාක්ෂණය ආදිය සමාන වට්ටෝරුවකින් සංකල්පයකින් සමන්විත තේමාවකින් සිදු වූ බව කිව හැකියි.
         නිහඬ සිනමාවේ අවසානයේ කතානාද සිනමාව සමග මෙම ෂෝනර  ක්‍රමවේදය තව තවත් වර්ධනය විය. මෙහිදී සිනමාකරුවාට මෙන්ම ප්‍රේක්ෂකයාට ද පහසුවක් ඇති විය. මෙය  එක් අතකින් චිත්‍රපට නිෂ්පාදනයේ යම් ප්‍රවණතාවක් ලෙස ද හඳුනාගත හැක. එහෙත් ඇතැම් අවස්ථාවලදී යම්  චිත්‍රපටයක් නිශ්චිතවම මේ එක්  ශානරයට  අයත් යැයි පැවසීම අපහසුය. එයට හේතුව වන්නේ එක් සිනමා කෘතියක් තුළ ෂෝනර  හඳුනාගත හැක. උදාහරණයක් ලෙස ටයිටැනික් චිත්‍රපටය romentic sciencetific ද යන්න පැහැදිලිව හදුනාගත නොහැක. ඒ අනුව සිනමා ෂෝනර මෙලෙස වර්ගීකරණය කළ හැක.
·         සංගීත චිත්‍රපට  උදාහරණයක් ලෙස cowboy චිත්‍රපටය හැඳින්විය හැක.
·         අඳුරු සිනමාව
·         වීර කාව්‍ය ඇසුරෙන් නිර්මිත චිත්‍රපට
·         යුද සිනමාව
·         හාස්‍ය සිනමාව
·         පැන්ටසි හෙවත් මායා මේ චිත්‍රපට
·         horror movie හෙවත් හොල්මන් චිත්‍රපට
·         විද්‍යාත්මක චිත්‍ර
·         adventure හෙවත් වික්‍රමාන්විත චිත්‍රපට


Monday, May 20, 2019


                         තරුණ ජීවිත වනසන Facebook .                                                      





            වත්මන් සමාජයේ නැතිවම  බැරි   අංගයක් බවට ජනමාධ් පත් වී  හමාරය. තොරතුරු  පිපාසයෙන් පෙළෙන ජනයා  හට තොරතුරු  ලබා  දීම  ජනමාධ්යයේ මූලික  අරමුණ  වේ. සමාජ මාධ්යයක්   වන   facebook මගින් මෙම කාර්යය  සිදු කරනු ලබයි .
            Facebook යන්න අද සමාජයේ  සෑම පුද්ගලෙයෙකු පාහේ    දන්නා  වචනයකි . එදා මෙදා   තුර ජනප්රියත්වය  අභිබවා   ගිය ඇබ්බැහිකමකින්  මෙය  වටා ලෝක   ප්රජාව රැස්   වෙමින් සිටී . දිනෙන්  දින  facebook  භාවිතා  කරන පිරිස වැඩි  වෙමින්  පවති.  ලොකු, කුඩා, බාල, මහලු  වයස්   භේදයකින් තොරව   facebook  භාවිතා  කරනු  ලබයි .
              Smart දුරකථයක්   ඇති  සෑම   පුද්ගලයෙකු    facebook  ගිණුමක්   ආරම්භ  කිරීම පුදුමයට කරුණක් නොවේ .   Facebook ගිණුමක්  ආරම්භයේදී   සදහා  අවශ් දත්තයන් පවතී . නම , වයස ,ප්රදේශය ,පාසල , රැකියා  ස්ථානය  යනාදිය  මෙයට  නිදසුන් වේ. මේ  සදහා නිරවද් මෙන්ම  සාවද්  තොරතුරු  පවසන්නන් සිටී .මෙම තොරතුරු  සපයා   facebook   ගිණුමක්  ආරම්භ  කරන  සෑම පුද්ගලෙයෙකුගේ    අරමුණ  ලොව  පුරා  මිතුරන්   ඇති කර ගැනීම පමණක්    නොවේ .  විවිධ මානසිකත්වයන්ගෙන්  යුත්  හා විවිධ  අසහනකාරී  පුද්ගලයන් තමාගේ  සිතැඟි  සපුරා ගැනීමට    facebook උපක්රමයක් කර ගනී .  


              ලොව පුරා පුද්ගලයන්  facebook  භාවිතා කරනු ලබන  අතර   සදහා  තරුණ ප්රජාවගේ වැඩි නියෝජනයක්  දක්නට ලැබේ . වර්තමාන  සමාජයේ   facebook ගිණුමක් නොමැති යෞවනයන් සොයා  ගැනීම  කළුනික සොයනවාටත් වඩා   අමාරුය.  කෙසේ වෙතත්  facebook  භාවිතය තුළින්  මතුවන   ප්රධාන ගැටලුවක් ලෙස තරුණ  ජීවිත  අකාලයේ විනාශ  මුඛය  දක්වා ගමන්  කිරීම  පෙන්වා දීමට පුළුවන  .  රටක අනාගතය  භාර ගැනීමට  හා  රටක් ශක්තිමත් කිරීමට  සිටින තරුණ  ප්රජාව  facebook  රකුසාට  ගොදුරුව  ජීවිත විනාශ කර ගැනීම  කණගාටුවට කරුණකි .




              වර්තමානයේ අසන්නට  දකින්නට ලැබෙන තොරතුරු  අතර facebook කුමාරයන් නිසා අසරණ  වන තරුණියන් තම ජීවිතය   අකාලයේ විනාශ  කරගත්  අවස්ථා අපමණ  .  මතුපිටින් ආකර්ෂණීය මුහුණුවරක් පෙන්වා   සුන්දර  වදන් තෙපළා දරුවන් දෙතුන් දෙනා සිටින  පියවරු තරුණියන්ගේ පහස විදීමට  පෙම් බස්  දොඩන වාර  අනන්තය .  සමාජය  පිළිබඳ ඉවක් බවක්  නොමැති  තරුණියන් නුදුරු   දිනකදී  හමු වූ තම    facebook  කුමරයා  සමග  යහන්ගත වන්නේ  දහසක් අපේක්ෂා  සිත්හි දල්වාගෙන  . තම  අවශ්යතාවන් සපුරා ගත් පසු මෙම කාමාතුරයන්  පැදුරටත්  නොකියා  පලා යන්නේ තරුණියන්ගේ අහස් මාලිගා කුඩුපට්ටම් කරමිනි . මේ  පිළිබඳ තරුණියන්   අවබෝධ වන විට  සියල්ල සිදු  වී හමාරය . තම පතිවත  අහිමිවීම  හා  කුසේ දරුවෙකු පිළිසිඳ  ගැනීම යන  හේතුන් මත   බොහෝ  තරුණියන් තම  ජීවිතයට සමු දෙන්නේ  මිනිස්  ජීවිතයක වටිනාකම පිළිබඳ  අවබෝධයක් නොමැතිකම  නිසාවෙනි . කිසිත්  සිදුනොවූ පරිදි නැවතත්  අලුත් ගිණුමක්  අරඹන  මෙම සල්ලාලයන්   තම  ක්රියාව සුපුරුදු   පරිදි   සිදු  කරති .




               වර්තමානයේ    මෙවැනි   ක්රියා  සිදුවීම සුලභ  කරුණක්  වන්නේ  facebook භාවිතය  මාෆියාවක්  වන  බැවිනි .  බොහෝ තරුණ පිරිස රැල්ලකට  අනුව facebook භාවිතා කරනු ලබයි .ලොව පුරා  මිතුරන් හදුනා ගත්තත්   සියල්ල  කෙරෙහි විශ්වාසය  තැබීම  නුවණට   හුරුද  යන පැනය කෙරෙහි  අවධානය   යොමු  කළ යුතු  වේ . Facebook යනු  කුමක්දැයි  වටහා ගෙන නිසි අවබෝධයකින්   එහි  භාවිතායේ  වාසි අවාසි දැන  ගැනීම වැදගත්  වේ .  එමගින්  නිවැරැදි  ආකාරයට   facebook භාවිතා කිරීමට හැකියාව ලැබේ. අනවශ් කරදරවල  නොවැටී තම  ජීවිතයේ  සුභ  සිද්ධිය  උදෙසා කටයුතු  කරමින්  facebook  භාවිතා  කිරීම වැදගත් වේ.  රටේ  අනාගතය  සුරකින තරුණ තරුණියන්  පිරිසක්  සුරැකීමට  මේ මගින්  හැකියාව   ලැබේ .