Sunday, July 28, 2019

කාලය කලමනාකරණය කර ගන්නේ කොහොමද ?








දවසටම තිබෙන පැය 24 මනාව කලමනාකරණය කර ගන්නේ නම් අපට එම දිනයට තිබෙන වැඩ ඉතාමත් පහසුවෙන් කර ගන්න පුළුවනි. නමුදු බොහෝ පිරිස් යම් දෙයක් කරන්නට යන විට මැසිවිලි නගන්නේ ඕවාට කොහෙන්ද අපට වෙලාවක් කියාය. නමුදු ඔබට එදින  නියමිත දවසේ වැඩ කටයුතු නියමාකාරව කර ගන්න නම් කාලය කළමනාකරණය කර ගන්න අවශ්යයයි. සමහරුන්ට තමන්ගේ වැඩ කර ගැනීමට පැය 24 ප්රමාණවත් නෑ. ඇතමුන්ට තම බිරිද වෙනුවෙන්, පෙම්වතිය වෙනුවෙන්වත් කාලය වෙන කර ගැනීමට නොහැකිය. නමුදු කොතරම් වැඩ තිබුනත් කාලය මැනවින් හසුරුවනු ලබන තැනැත්තාට විනෝද වෙන්න, තම දරුවන් සමග කල් ගත කරන්න බොහෝ වේලාවන් ඉතිරි වෙනවා.

කාලය ගත කල යුතු ආකාරය පිලිබදව සැලසුමක් පවත්වාගෙන යන්න

·          කාල සටහනේ දක්වන ලද කාරණා ක්රියාවට නංවන්න.
·         කාල සටහන ක්රියාවට නගන ආකාරය පිලිබදව සටහන් කර ගන්න.
·          සදහා තිබෙන දුෂ්කරතා හදුනා ගන්න.
·         දුෂ්කරතා මග හරවා ගත යුතු ආකාරය ගැන සිතන්න.
·        5කාලය වඩාත් ප්රයෝජනවත් ලෙස යොදා ගන්නා ක්රම මොනවා දැයි සොයන්න.











මෙහිදී එදිනට නියමිත කාර්යයන් මොනවාද මේ සදහා ගත වන කාලය සටහන් කර ගන්න. මෙහිදී එදිනෙදා සිදු කරන කාර්යයන් අනුව ගත වන කාලය වෙනස් වේවි. මේ නිසා පවතින වැඩ ප්රමාණය අනුව කාලය සකසා ගන්න. සෑම විටම මෙහිදී සෑමවිටම තම පවුලේ අය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්න පුරුදු වෙන්න. බොහෝ බටහිර රටවල මිනිසුන් දිවි නසා ගන්න අධික වැඩ ප්රමාණය හේතු වී තිබෙනවා. වැඩ අධික වූ විට විශාල ආතතියක් ලැබෙනවා. මේ පීඩනය මග හරවා ගැනීමට ඔබට විනෝදය, සතුට අවශ්යයි. එවැනි මොහොතක තම දරුවන් සමග පෙම්වතිය සමග කල් ගත කරන්න කාලය යොදවා ගන්න.

විනෝද වෙන්න, සතුටු වෙන්න වෙලාවක් නැතැයි කීම අසත් කරුණකි. මන්ද බටහිර රටවල් සමග සසදන විට අපට ඉතුරු වන කාලය බොහෝය. මේ නිසා අප අපතේ යවන කාලය පිලිබදව සැලකිලිමත් විය යුතුය. බොහෝ අවස්තා වල කාලය වැය කරන්නේ අප අපේක්ෂා නොකරන කරුණු සදහා හෝ බොහෝ පරිබාහිර දෙයක් නිසා විය හැකිය. මේ නිසා කාලය වැය වන ආකාරය හදුනා ගෙන අපතේ යන කාලය අවම කර ගත යුතුය. මෙහිදී ඔබ අපතේ යන කාලය සති කිහිපයක දී හදුනා ගන්න.


මෙහිදී අපතේ ගිය කාලය සහ අපතේ යෑමට හේතුව පැහැදිලිව සටහන් කර ගන්න. ඉන් පසු එම කාලය අපතේ යෑමට හේතුව සලකා බලා එම කාලය ප්රයෝජනවත් වැඩකට යෙදීමට කටයුතු කරන්න.මෙහිදී සියල්ල සලකා බලා කාල සටහනක් සකස් කර ගන්න. කාල සටහනක් අනුව වැඩ කිරීම මුලින්ම දුෂ්කර වුවත් පසුව ඔබට එය අතිශයින්ම ප්රථිපලදායක වනු ඇත. එදිනෙදා ජීවිතය ප්රයෝජනවත් ලෙස ගත කිරීමට පුළුවනි. තමන්ගේ එදිනෙදා නියමිතට වැඩ වලට අමතරව පොත් කියවීමට වැනි ප්රයෝජනවත් වැඩ බොහොමයක් කර ගත හැකි වේ.

මදකට සිතන්න ඔබ කොතරම් දුරකථනය වෙනුවෙන් කාලය වෙන් කරනවාද කියා. දුරකතනයට යොදන කාලය මදක් අඩු කොට   කාලය වෙනත් වැඩකට යොදවන්න. ඇතමුන්ට දිනකට  අවශ් නියමිත නින්ද පවා මේ දුරකථනය නිසා මග හැරෙනවා. මේ නිසාම බොහෝ බුද්ධිමතුන් නින්දට යන විට දුරකථනය විසන්ධි කරනවා. එසේම තවත් පිරිසක් දුරකථනය විසන්ධි කොට වෙන වෙනත් කාමරයක තබන්නද පුරුදු වෙලා තිබෙනවා.

මේ ආකාරයට කාලය අපතේ යන්නේ ඇයිදැයි වටහා ගෙන එය අවම කර ගැනීමට තමන්ටම අවේණික ක්රමයක් සකස් කර ගන්න.

Saturday, July 20, 2019

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය


            










 ස්ත්රී පුරුෂ සමාජභාවය මෑත යුගය තුළ සාමාජයෙහි නැගී ඉතා සුවිශේෂී සංකල්පයකි. සමාජය තුළ ස්ත්රී පුරුෂ දෙපාර්ශවයම අතර පැවතිය යුතු සම්බන්ධතාවල ස්වභාවය පිළිබඳ යම් නිර්ණායකයන් සපයා දීමට මෙම සංකල්පය මැදිහත් වී ඇත. කිසියම් සමාජයක් විසින් කාන්තාවන්ට හා පිරිමින්ට උචිත යැයි සලකනු ලබන හැසිරිම් රටාවන්, කාර්යභාරයන් ක්රියාවන් හා ගති ලක්ෂණයන් ස්ත්රී / පුරුෂ සමාජ භාවය යන්නෙන් අදහස් කෙරේ. නිදසුනක් ලෙස හැඬීම පිරිමි ළමයින්ට උචිත නැත, ගැහැණු ළමයි සැමවිටම නිහඬ විය යුතුය, මුදු මොළොක් විය යුතුය,  යනාදී අදහස් දැක්විය හැකිය. ස්ත්රී පුරුෂ සමාජභාවය ජීව විද්යාත්මක ලක්ෂණයක් නොවේ. එය සමාජය විසින් ගොඩනඟා ගත්තකි. සමාජය විසින්ම ඇති කරගෙන, සමාජය විසින්ම පෝෂණය කරන්නකි. එහෙයින් ස්ත්රී පුරුෂ සමාජභාවය විවිධ සමාජයන් හා විවිධ සංස්කෘතින් අතර එකිනෙකට වෙනස් විය.  පිරිමි ළමුන් හා ගැහැණු ළමුන්ද යෞවන යෞවනියන්  සහ පිරිමින් හා ගැහැණුන්ද ඔවුන් වෙත පැවරී ඇති ස්ත්රී පුරුෂ සමාජභාවීය කාර්යභාරයන් අනුව හැසිරීමට ඉගෙන ගනියි.
 ලිංගභේදය, ස්ත්රීත්වය හා පුරුෂත්වය , ස්ත්රී පුරුෂ සමාජභාවය යන පද සමාජ අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථා වලදී භාවිතා කරනු ලැබේ. ස්ත්රී පුරුෂ ලිංග භේදය යන පදයට වඩා ස්ත්රී පුරුෂ සමාජභාවය යන පදය සමාජීය මෙන්ම මනෝභාවාත්මක වශයෙන්ද වෙනස් වූ අර්ථයක් ගෙන දේ. ස්ත්රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි. ජිව විද්යාත්මක ස්වභාවයෙන් සිය`ඵම ජීවිත ස්ත්රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති. ස්ත්රීය හා පුරුෂයා අතර ඇති මෙම ජිව විද්යාත්මක ලිංගික වෙනස නිසා ඔවුනොවුන්ගේ අඟපසඟ ඉන්ද්රියන් හා ශරිර වර්ධනය වෙනස් අයුරින් සිදුවේ. මෙම ලිංගික වෙනස ස්වභාවිකවම නිර්මාණය වූ ජීව විද්යාත්මක වෙනසකි. මෙය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. කවර රටක, කවර සමාජයක වුවද වසර දහස් ගණනකට පෙරාතුව වුවද නූතන යුගයේදී වුවද මෙම ස්ත්රී පුරුෂ ලිංගික වෙනස නොවෙනස්ව පවතී.
 ජීව විද්යාත්මකව ස්ත්රියට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය විසින් මෙම බෙදීම සිදු කර ඇති අතර සෑම ඒකකයකදීම මෙන්ම සෑම ස්තරයකදිම එය දක්නට ලැබේ. ස්ත්රින්ට හා පුරුෂයින්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ, අනන්යතාව, හැසිරිම් රටා, භූමිකා සහ වෘත්තින් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. එම නිසා ස්ත්රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්රී පුරුෂ සමාජභාවය වෙනස්වන සු` දෙයකි.
ලොව සෑම සමාජයකම ස්ත්රීන් හා පුරුෂයින් අගය කිරීම සිදුවන්නේ කෙසේද ?
 පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්, එඩිතර ඉක්මන් තීරණ ගත හැකි නායකත්වයක් සහිත, බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්රීය ළාමක, සුන්දර, පුරුෂයෙකු මත යැපෙන, කාරුණික, ඉක්මණින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ. ස්ත්රී පුරුෂ භාවය තුළින් ඉස්මතු කරන්නේ ස්ත්රීන් පුරුෂයින් අතර සමතැන පිළිබඳ සටන් පාඨය ඉක්මවා ගිය එකකි. තුළ මතුවන මූලික කාරණා පහත දැක්වෙන පරිදිය.
1. ස්ත්රීන්  සඳහා සුවිශේෂී අවශ්යතාවන් තිබේ.
2. ස්ත්රීන් සඳහා වෙනස් වූ අවශ්යතාවන් තිබේ.
3. ස්ත්රීන් අසාධාරණයට ලක්විමේ ඉඩකඩ වැඩිය.
4. සංවර්ධන ක්රියාවලිය තුළින් ස්ත්රීන් පුරුෂයින් හා සමානව සැලකීමට ලක් කල යුතුය.

ස්ත්රී  පුරුෂ බෙදීම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම්
 ස්වභාව ධර්මයෙන් හිමි වී ඇති ප්රජනන කාර්යය මෙන්ම ගෘහාශ්රිත සිය` කාර්යයන් සමාජය විසින් ස්ත්රීයට පවරා දී ඇත.
අනුව,
- දරුවන් පෝෂණය කිරිම
- රැකබලා ගැනීම
- ගේ දොර කටයුතු
- දරුවන්ගේ අධ්යාපන කටයුතු
- වැඩිමහල්ලන් රැක බලා ගැනීම අතර වේ.

එයට වෙනත් ආකාරයෙන් ගෘහයෙන් පිටත ආදායම් ඉපැයීමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත.
- වෙළඳාම
- ගොවිතැන හෝ වෙනත් රැකියා
- සමාජ වැඩ කටයුතු
- ස්ත්රීන්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම

මේ අනුව ගෘහාශ්රීත කටයුතු සමාජය විසින් ස්ත්රියට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්රිත ක්ෂේත්රයට අයත් වුවෙකු ලෙසත් සැලකෙයි. එම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වේ. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයීමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්රයේ කෙනෙකු ලෙස සැලකේ. එම නිසා ඔහු පොදු පිරිමියා නමින් හැඳින්වේ. දරුවෙකු කුඩා කල සිට සමාජානුයෝජනය කිරීම තුලින් දිගු කලක් තිස්සේ මෙම අනන්යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ.
 ඕනෑම සමාජයක ස්ත්රින්ට හා පුරුෂයින්ට අසමාන වූ තත්ත්වයක් හිමිකර දී ඇති අතර මත පදනම් වූ විශ්වාසය හා අගය කිරීම් එම සමාජ වල දැඩිව මුල් බැසගෙන ඇත.
 බොහෝ රටවල ඇඳුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස්කම් පවා දක්නට ලැබේ. එහිදී ස්ත්රී පුරුෂ වශයෙන් බෙදුනු පද ,ව්යාකරණ විධි, ස්ත්රින්ට හා පුරුෂයින්ට විශේෂිත වූ යෙදුම් හා ව්යවහාර දක්නට ලැබේ.
 තවද රැකියා ක්ෂේත්රයේ හෙද, ගුරු, ලේඛක වැනි වෘත්තීන් ස්ත්රීන්ට හිමි ක්ෂේත් ලෙසද බර වාහන පැදවීම, ඉංජිනේරු හා ආරක්ෂක අංශ. තාක්ෂණ  රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන්වූ ක්ෂේත් ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකාර විය යුතුය යනුවෙන් සමාජය විසින් වර්ග කිරීමක් කර තිබෙන නිසා ඔහුගේ රැකියා ක්ෂේත් වලදී පවා බෙදීමක් දක්නට ලැබේ.
 කෙසේ වුවද සමාජයක් ගත්විට ශක්තිමත්, එඩිතර හා නිර්භීත ගැහැණු පිරිමි දෙප්කෂයම සමාජය තුළ ජීවත් වේ. ලාමක, නම්යශීලි, කාරුණික, ඉවසීමෙන් කටයුතු කරන ස්ත්රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්රීය හෝ පුරුෂයා මේ ආකාරය විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්රිය හා පුරුෂයා නොහැසිරේ නම් එය අසාමාන් දෙයක් ලෙස සමාජය දකී.
 ස්ත්රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේදී ස්ත්රියට අප්රධාන තත්ත්වයක් හිමිවේ. පුරුෂයා පවුල තුළ ආධිපත් බලය හිමිවේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක් කුලකයක් හෝ පංතියක් ගත්තද ස්ත්රියට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය, අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්යය හිමි වන්නේ පුරුෂයාටයි. අසමාන වූ සමාජ භාවය නිසාය. අනුව ස්ත්රී පුරුෂ සමජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කරදෙන ලැබූ සමාජ සබඳතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය.